පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකික පුරවැසියන් නිරීක්ෂණය කිරීම සඳහා වූ විශේෂ තාක්ෂනික ක්‍රමවේදයක් චීනය විසින් ශ්‍රී ලංකා රජයට ලබා දීමට සූදානම් වන බව ඇමෙරිකානු කොන්ග්රස් සභිකයකු නාවරණය කර සිටී.
මේ තත්වය පිලිබන්දව ඇමෙරිකාව අවධානයෙන් පසුවිය යුතු බවද ඇමෙරිකානු කොන්ග්රස් සභික ටෙඩ් යොහෝ මහතා සඳහන් කර ඇත.
චීනය ශ්‍රී ලංකාව වෙත මෙවැනි ව්‍යාපෘති කිහිපයකට අරමුදල් සපයන බවත් ,. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වසර මුලදී චීනයේ කළ සංචාරයෙදී , පුරවැසියන් නිරීක්ෂණය කිරීමේ මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට චීනය එකඟවී ඇති බවත් යොහෝ මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත.
මෙවැනි දේ නිසා ශ්‍රී ලංකාව වැනි රටවල් එක්සත් ජනපද නායකත්වයෙන් ඉවතට ගොස් චීනය දෙසට නැඹුරු වෙමින් පවතින බවද ඔහු මෙහිදී පවසා ඇත.