නවතම පුවත්

රට ගිය අයගේ ඡන්දය හොරෙන් දමන සැලසුමක් එළියට

අසංක

අසංක

දම්පත් රණසිංහ

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඡන්දය හොරට දැමීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී තිබේ.

ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණෙන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ තොරතුරු රැස්කරමින් ඒ අයගෙක් නම් වලින් ව්‍යාඡ හැදුණුම්පත් සකස්කර එම කූඨ වංචාව කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

එම වංචාව සම්බන්ධයෙන් මේ වන විටත් මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී ඇති බැවින් විදෙස්ගත ශ්‍රමිකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන විට ඡන්ද පොල නියෝජිතයින්ට විදෙස් ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙන බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය.

2018 ඡන්ද හිමි නාමලේඛනයේ නම් සදහන් විදෙස්ගත ශ්‍රමිකයින් කවුරුන්දැයි ග්‍රාමසේවක නිලධාරීන් මගින් හදුනාගෙන ඇති බවත් ඒ බව ඡන්දහිමි නාමලේඛනයේ සටහන් තබා තිබෙන බවත් ඔහු සදහන් කරයි. ඒ නිසා ඡන්ද පොල නියෝජිතයෙකුට විදෙස්ගත ශ්‍රමිකයින් පහසුවෙන්ම හදුනා ගැනීමට හැකිවනු ඇති බවද ඔහු සදහන් කළේය.

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ඡන්දය හොරට දැමීමට යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කන්ඩායමක් ඡන්ද පොලට පැමිණෙන්නේ නම් ඔවුන් හදුනා ගනිමින් අත්අඩංගුවට ගැනීමටද වැඩපිළිවෙලක් මේ වන විටත් සැළසුම්කර ඇතැයි මැතිවරණ කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා