නවතම පුවත්

මත්ද්‍රව්‍ය, අන්තවාදය, දූෂණයට කිසිදු ඉඩක් නෑ – සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය

අසංක

අසංක

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට මහනුවර දී එළිදැක්වෙයි.

මත්ද්‍රව්‍යය, අන්තවාදය හා දූෂණය පිළිබඳ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් ය.

සජිත් ප්‍රේමදාස මහතා විසින් අපේක්ෂිත සමාජ විප්ලවයේ තෙවැදෑරුම් කුළුණු තුනක් පිළිබඳ සඳහන් වේ.

  • ජාතිය ශක්තිමත් කිරීම
  • තරඟකාරී ආර්ථිකය
  • සමාජීය වශයෙන් සාධාරණ සමාජයක් ඇති කිරීම

ශක්තිමත් ජාතියක් බිහිකිරීම වෙනුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් කරුණු ගණනාවක් ඉදිරිපත් කර ඇත.

  • ස්මාර්ට් ආරක්ෂාව සහ නවීන සන්නද්ධ හමුදා
  • ජනතා ව්‍යවස්ථාවක්
  • වගකිවයුතු නායකත්වයක්
  • විදේශ ප්‍රතිපත්තිය තුළදී පළමුව ශ්‍රී ලංකාව
  • යුක්තිය සහතික කිරීම
  • පාරිසරික සංරක්ෂණය

සියලු විදෙස් ගිවිසුම් යළි සළකා බලනවා – සජිත් අස්ගිරි නාහිමියන්ට පොරොන්දු වෙයි

පසුගිය කාලයේදී අත්සන් තබා ඇති සියලු විදෙස් ගිවිසුම් නැවත සළකා බලන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අස්ගිරි මහනාහිමි හමුවේ ප්‍රකාශ කර සිටියි.

ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කරන ලද ACSA අනුමත කිරීමට තමා බැඳී නැති බව ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

රටට හිතකර ගිවිසුම් පමණක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමෙන් අනතුරුව හෙතෙම අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

සජිත් ප්‍රතිපත්ති ප්‍රකාශය මහ සඝරුවනට පිළිගන්වයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මහා සංඝරත්නයට මීට සුළු මොහොතකට පෙර පිළිගැන්වීය.

ඒ මල්වතු මහා විහාරයේදී ය.

ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම මහනුවර ක්වීන්ස් හෝටලයේදී පැවැත්වේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි