සෝෂල් මීඩියා අවභාවිත කරලා – පැමිණිලි ඉහළට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජනාධිපතිවරණයට අදාලව සමාජ මාධ්‍ය අඩවි අවභාවිත කිරීම් පිළිබඳව පැමිණිලි 162ක් මේ වන විට ලැබී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 66ක් වන අතර ජනාධිපති අපේක්ෂකයන්ගේ නාමයන් භාවිතා කරමින් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය සිදු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 6ක් ඇතුලත් වේ .

එසේම පැමිණිලි කිරීම් 41ක් ජනාධිපති අපේක්ෂකයින් ඉලක්ක කරගනිමින් හුවමාරුවන අසත්‍ය පුවත් සම්බන්ධයෙන්ද, පැමිණිලි කිරීම් 43ක් වෛරී ප්‍රකාශ බෙදාහැරීම සම්බන්ධයෙන්ද, ජනාධිපති අපේක්ෂකයෙකුගේ නාමය යොදාගනිමින් නිර්මාණය කරන ලද ව්‍යාජ වෙබ් ලිපිනයක් සම්බන්ධයෙන් වන වාර්තාද වන බව එම සංගමය පවසයි.

ලද පැමිණිලිවලින් පැමිණිලි 139ක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියයෙහි පලවූ අන්තර්ගතයන් සම්බන්ධයෙන් ලැබි ඇති අතර පැමිණිලි 23ක් යූ-ටියුබ් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පලවී තිබෙන අන්තර්ගතයන් පිළිබඳව ලැබි ඇති බව වාර්තා වෙයි.