පැතුම් වික්‍රමරත්න
තැපැල් ඡන්දය ප්‍රකාශ කර එය “ෆේස්බුක්“ හෝ වෙනත්සමාජ මාධ්‍යයක ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටී .
එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින් වසර 3ක සිර දඬුවමකට ලක්විය හැකි බවත් අද(31) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේය.
රජයේ නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම ඉතාමත් කණගාටුදායක බවද ඒ මහතා මෙහිදී පැවසීය .
එමෙන්ම රාජ්‍ය නිලධාරීන් විසින් ඡන්දය ප්‍රකාශ කර පින්තූර ගෙන සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරනු ලැබුවහොත් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිධාරීවරයාට එරෙහිව ක්‍රියා කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.