හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එක්සත් ජාතික පෙරමුණ සමග හෙට ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතය.
ඒ පෙරවරු 9ට ටාජ් සමුද්‍රා හෝටලයේදී ය.
චන්ද්‍රිකා මහත්මිය මේ වනවිට නියෝජනය කරමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය හා එක්සත් ජාතික පෙරමුණ අතර ගිවිසුම්ගත වීම පිළිබඳ මීට පෙර තීරණය කර තිබුණේ ලබන 05 වැනිදා ය.
ගිවිසුමෙන් පසුව ඇය විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවට ද මීට පෙර දැනුම් දී තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් වූ අතර ඉන් ඉවත් වීමට තීරණය කර තිබුණේ නාමයෝජනා දෙන දිනට පෙර දිනයේය.