ජනපති අපේක්ෂකයන්ගේ ඡන්ද ප්‍රචාරණ වියදම් ගැන විශේෂ අනාවරණයක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රචාරණ වියදම් පිලිබඳ විශේෂ තොරතුරු අනාවරණයකට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) සූදානම්වේ.

මෙවැනි අනාවරණයක් මෙරට තුල සිදුකෙරෙන්නේ ප්‍රථම වතාවට බව එම මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවසීය.

ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම් ඇස්තමේන්තු කිරීම සඳහාම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කළ වෙනම ඒකකයක් මගින් මෙම තොරතුරු ඒකරාශී කිරීම සිදුකෙරෙන්නේ යැයි ගජනායක මහතා අප වෙබ් අඩවියට පැවසීය

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබාගත් දිනයේ සිට මෙම ඒකකය ක්‍රියාකාරී වී යැයි කී හෙතෙම ඒ ගැන වූ පළමු අනාවරණය ලබන 4 වැනි දා සිදුකරන බවද ගජනායක මහතා පැවසීය.