එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු මේ වන විට අරඹා තිබේ.
මේ මොහොතේ කොළඹදී මෙම ගිවිසුම අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ 12ක් පමණ එක්වීමට නියමිතයි.
සිවිල් සංවිධානද අද දිනයේ මෙම ගිවිසුම සඳහා අත්සන් කිරීමට නියමිතව ඇත.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මෙම අවස්ථාවට එක්ව තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිස මෙම සන්ධානයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.
එම වැඩසටහන සජීවිව පහතින්
https://www.facebook.com/sajithpremadasa/videos/954665461575109/