නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 32කට අධික රන් ආභරණ තොගයක් සමග ලාංකිකයින් 14 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් චෙන්නායි සිට එම රන් ආභරණ රැගෙනවිත් ඇත. සැකකරුවන් සතුව තිබූ රන් ආභරණවල බර කිලෝග්රැම් 4.7කි.
සිද්ධිය සම්බන්ධයෙන් රේගු විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක ය.