දම්පත් රණසිංහ
සිය තැපැල් ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකළ ගුරුවරුන් දෙදෙනෙකු හා පාසලක ආරක්ෂක සේවයේ නියුතු අයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මැතිවරණ කොමිසමේ උපදෙස් මතයි.
කටුගස්තොට, කැකිරාව, ගම්පොළ යන ප්‍රදේශවලින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මැතිවරණ නීතියට අනුව මොවුන්ට එරෙහිව වසර 3ක් දක්වා වන සිර දඬුවමක් පැනවිය හැකිවේ.
මේ අයුරින් සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සමාජ මාධ්‍ය වෙත මුදාහැරි සහ ඒවා සමාජ මාධ්‍ය තුළ බෙදාගත් අය පිළිබඳවද මැතිවරණ කොමිසමේ උපදෙස් මත පොලීසිය විමර්ශන අරඹා තිබේ.