ITNහි විකාශය කෙරෙන සියලු දේශපාලන සංවාද 4දා සිට තහනම්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ස්වාධීන රූපවාහිනි සේවයේ දේශපාලන පසුබිමක් සහිත සියලුම සම්මුඛ සාකච්ඡා, සංවාද, සජිවීව විකාශය කිරීම ලබන නොවැම්බර් 04 දින සිට ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කර අවසන් වන තෙක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා ඇත

එසේ තිබියදීත් පසුගිය 30 වනදා විකාශය කළ වැඩ සටහනකින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අගතියට පත්වන අයුරින් කටයුතු කර ඇතැයි පැමිණිලක් ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනියට දැනුම් දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති මාධ්‍ය උපමාන උල්ලංඝනය වන අයුරින් කටයුතු නොකරන ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති බව ද එම ලිපියේ සඳහන් ය.