නවතම පුවත්

පොලිසියේ සේවා කාලය පැය අටකට සීමා කරනවා – නිවසේ සිටම සේවයට යාමට කටයුතු සකස් කරනවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගෞරවනීය පොලිස් සේවයක් උදෙසා පොලිස් නිළධාරීන්ගේ මානසික නිදහස උසස් කිරිමට තමන් ජනාධිපතිවූ පසුව බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ අද (02) දා අලව්වේ පැවති රැස්වීමක් අමතමනි.

 පොලිස් නිළධාරීන්ට ඇති ප්‍රධානම ගැටළුවක් ලෙස තමන් හදුනාගෙන ඇත්තේ ඔවුන්ට නිසි පරිදි රාජකාරි කටයුුතු කරගෙන යෑමට තරම් මානසික නිදහසක් නොමැතිවීම බවත්  දැනට පවතින රාජකාරි ගැටළු විසදීමට නම් අතව්‍යවශම ගැටළුවක් වන මානසික තත්වය උසස් කිරිම අවශ්‍ය බවත් ඒ  සදහා පුළුල් වැඩ පිළවලක් සකක් කරන බවත් පොලිස් නිළධාරීන් සදහා පැය අටක සේවා කාලය ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

තමන් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන කාලයේ පොලිසියට නිළධාරීන් වැඩි ප්‍රමාණයක් බදවා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන හා නීතිමය කටයුතු සකස් කල බවත් ප්‍රකාශ කල ඒ මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

ජාත්‍යන්තර කීර්තියක් ගෙනා පොලිස් තූර්වාදක කණ්ඩායමට සියළු අවශ්‍යතා සොයා බලා සපයන බවත් පොලිස් පරික්ෂකවරුන්ට පහල සෙසු නිළයන්ට රාජකාරි භාවිතය සහ පෞද්ගලික පරිහරණය අවශ්‍ය යතුරු පැදියක් ලබාදීමට කටයතු කරන බවද අතවශ්‍යම සේවාවක් හැරුනු විට සිවිල් ආරක්ෂක නිළධාරීන් තමන් පදිංචි ස්ථානනයෙන් බැහැරට නොයා කටයුතු කිරිමට සැලසීමත් හමුදාවට ලබා දෙන ආකාරයේ අහාර දීමනාව ඇතුළු සියළුම දීමනා ලබාදීමත් ඒ මුදල් වැටුප සමග ගෙවීමට කටයුතු කිරිම එසේහ පෙලිස් සේවයේ යෙදී සිටින කාන්තා පොලිස් නිළධාරීන්ට හා නිළධාරිනියන්ට උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදය ස්ථීරවම සංශෝධනය කිරිම පොලිස් කොස්තාපල් තනතුරරේ සිටින නිළධාරියකුට අවශ්‍ය සුදුසුකම් සපුරා ජේශ්ඨ පොලිස්පති තනතුරු දක්වා යාමට අවශ්‍ය කටයුතු සැලසීමත් අනිවාර්යෙන්ම පොලිස් සේවයේ දැනට ඇති සියළුම වැටුප් විශමතා අවසන් කර කාර්යක්ෂම පොලිස් සේවයක් ඇති කිරිමට නිවසේ සිටම ලගම පොලිස්  ස්ථානයේ සේවය කිරිමට කටයුතු කරන බවත් බවත් ඒ මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්