දම්පත් රණසිංහ
ගාල්ලට නුදුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 200කට අධික ප්‍රමාණය මත්කුඩු ජාවාරම්කාර මොරිල්ගේ මත්කුඩු තොගයක් බවට සැක මතුවී තිබේ.
පුද්ගලයන් 5 දෙනකු සමග මෙලෙස අත්අඩංගුවට ගත් හෙරොයින් මත්කුඩු තොගය හලාවත සිට රට පුරා බෙදා හරින කුඩු ජාවාරම්කරුවකුට යවමින් තිබූ ඒවා බවට ද විමර්ශන අංශ වෙත තොරතුරු ලැබෙමින් පවතින බව වාර්තා වේ.
කලක සිට පැවති අමනාපයක් හේතුවෙන් මාකදුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සදහා සම්පූර්ණ තොරතුරු දී තිබුණේ මොරිල් නමැත්තායි.
මධූෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙරට කුඩු ජාවාරම මුළුමනින්ම සියතට ගත් මොරිල් දැන් සිටින්නේ ඩුබායිහි බව මීට පෙර ද අනාවරණය වී තිබුණි.
මධූෂ් අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුගේ මෙරට කුඩු ජාවාරම මුළුමනින්ම මෙහෙයවන්නේ ඩුබායිහි සිටින ඔහුගේ අනියම් බිරිද ය.
ඇයගේ වත්මන් පෙම්වතා වන්නේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයකු වූ අංගොඩ ලොක්කායි.
අංගොඩ ලොක්කා මේ වනවිට කුඩු ජාවාරම් ඇතුළු අපරාධ කරමින් සිටින්නේ මොරිල් සමග බවට ද විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබේ.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/moril.png)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/angoda-lokka.png)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/madush.png)