චන්ද්‍රිකාගේ කණඩායම ගැන ශ්‍රීලනිප තීරණය හෙට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගත් තීරණයට එරෙහිව යමින් කටයුතු කරන සියලුම ශ්‍රීලනිප සාමාජිකයින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ උප සභාපති හා හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අවධාරණය කර සිටී.

හිටපු ජනපතිනී චනද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ශ්‍රීලනිපය සුරකීමේ සංවිධානය , පක්ෂයේ විනය දැඩිව උල්ලංඝනය කරමින් සිටින බවත් , ඔවුන් මී මොහොතේ කල යුත්තේ ශ්‍රීලනිපයෙන් ඉවත්වීම වන බවත් , ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්තානයේදී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සමරසිංහ මහතා සඳහන් කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඇතුළු එම පිරිසට එරෙහිව ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබඳව හෙට දින පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කරන බවද සමරසිංහ මහතා පැවසීය.