පොහොට්ටුවේ ආධාරකරුවන්ට පොලු මුගුරුවලින් පහරදීලා

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණමඩුව නගරයේ ඊයේ සවස පැවති රැළියකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් රැගත් බස් රථයකට බාධා කොට කිසියම් පිරිසක් පහර දී ඇති බවට කරුවලගස්වැව පොලීසියට පැමිණිලි ලැබී තිබේ.

බසයට ඉදිරියට ගමන් කළ නොහැකි ලෙස ලී කදන් දමා හරස් කර නවතා එහි සිටි පිරිසට පහර දී ඇත.

පහර කෑමට ලක්වු සිව් දෙනෙකු තබ්බෝව රෝහලේ සහ පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබති.

කාන්තාවන් හා පිරිමින් 20කට අධික කණ්ඩායමක් විසින් ලී මුගුරුවලින් පහර දී ඇතැයි පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙම පහරදීමෙන් බස් රථයටද හානි සිදුව තිබේ.

පහර දීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනිමට ප්‍රමාද විම ගැන විශාල පිරිසක් කරුවලගස්වැව පොලීසිය තුළදී විරෝධය මතුකිරීම නිසා නොසන්සුන්තාවයක් දැක ගත හැකි වී ඇත.