පැතුම් වික්‍රමරත්න
ජනාධිපතිවරණය සදහාවූ ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑලක්ෂයක පමණ සංඛ්‍යාව අද දින පස්වරු 04 පමණ වනවිට මැතිවරණ කොමිසම වෙත භාරදී අවසන් කරන බව රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කර සිටී .
ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු පසුගිය සෙනසුරාදා වන විට අවසන් කල බවද රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කර සිටී .
පරීක්ෂා කිරීම්වලින් අනතුරුව ඒ ඒ දිස්ත්‍රික්ක වෙත බෙදාහැරීම සදහා ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාරදීම ඊයේ (04) ආරම්භ කර ඇත.