පැතුම් වික්‍රමරත්න
” ජාතික e – ඉගෙනුම් සම්පත් සංවර්ධන මධ්යස්ථානයක්මෙරට තුල පිහිටුවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30 ක සහනදායී ණයක් ලබා දීමට දකුණු කොරියානු ජනරජ රජය එකඟතාව පළකර ඇත.
ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉගැන්වීම් සහ ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම, මෙම ව්‍යාපෘතියේ අරමුණු වේ.
මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කෙරෙනු ඇති අතර e – ඉගෙනුම් සේවාවන් වැඩිදියුණු කිරීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුව සැපයීම වැනි ක්‍රම භාවිතා කරමින් අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික පුහුණු පහසුකම් පුළුල් කිරිමට ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම්කර ඇත.