අත්සන් කිරිමට නියමිත මිලේනියම් සිටි ගිවිසුමට එරෙහිව කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කාශ්‍යප අද (05) උදෑසන කොළඹ නිදමස් චතුරස්රයේ ආරම්භ කළ මාරාන්තික උපවාසය නතර කරන මෙන් ඉල්ලමින් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් යවා තිබේ. මේ සම්බන්ධයෙන් තමන් දැඩි කම්පාවෙන් මෙසේ සටහන් කරන බවද ලිපියේ සහදන් කර තිබේ
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන මොහොත දක්වා මෙම ආණ්ඩුව විසින් අත්සන් තබන ලද සියලුම ගිවිසුම් ජාතික ආරක්ෂාව, ස්වෛරීයභාවය සහ ජාතික අවශ්‍යතාවයන්ට යටත්ව නැවත සලකා බැලීමටත්, ජාතික උවමනාවන්වලට පටහැනි නම් ඒවා අහෝසි කිරීමට කටයුතු කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ.
සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙයි.