දිල්ලියේ වායු දූෂණය කොළඹටත්! – කාලගුණ විද්‍යාඥයෝ පරීක්ෂණ අරඹති

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ දිල්ලි නුවර පවතින් වායු දූෂණ තත්වය ශ්‍රී ලංකාවට බලපාන අකාරය පිලිබඳ සොයා බැලීම සඳහා කාලගුණ දෙපාර්තමේන්තුව මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කොළඹ හා ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන මීදුම් තත්ත්වයද ඉන්දියාවේ පවතින මෙම වායු දූෂණයේ ප්‍රතිඵලයක් මත ඇතිවූවක් ද යන්න පිළිබඳ යම් සැකයක් මතුව ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ඊයේ පස්වරුවේ මෙම මීදුම් තත්වය දක්නට ලැබිණ.

දිල්ලි නුවර වායු දූෂණය මේ වනවිට උග්‍ර වී ඇති අතර මේ වනවිට එය සෙසු ප්‍රදේශයවලට ද පැතිර ගොස් ඇති බව වාර්තාවේ .