ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද පෙට්ටි ප්රවාහනය සදහා බස් රථ 1100ක් පමණ යොදවන ලෙස මැතිවරණ කොමිසම ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉල්ලුම් කර තිබේ.
මැතිවරණ කටයුතුවල නිරත වන නිලධාරීන් ප්රවාහනය, මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් ප්රවාහනයට ද බස් රථ අතිරේකව යෙදවීමට ද කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.