පැතුම් වික්‍රමරත්න
මඩකලපුව ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් ඇති කර චෙන්නායි සිට මඩකලපුවට ගුවන්සේවා ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටී.
එසේම මෙම කර්මාන්ත කලාපයේ පහසුව සඳහා මඩකලපුවේ සිට කොළඹට එන ගුවන් සේවාවක්ද කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටී
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ එරාවුර්හි පැවති ජනහමුවකදීයී.
එසේම උතුරු නැගෙනහිර හා මොණරාගල, යුද්ධයෙන් විනාශ වු නොදියුණු ප්‍රදේශ ලෙස පිළිගත යුතු ඇති බවත් එම ප්‍රදේශ කඩිනමින් දියුණු කිරීමට ජාත්‍යන්තර සහයද ලබගන්නා බවත් අගමැතිවරයා කියා සිටියේය.
එසේම අම්පාර, මඩකලපුව ප්‍රදේශයේත් කර්මාන්ත කලාපයක් ඇති කරන බවත් කොළඹ සිට මඩකපපුවට යන ගුවන් සේවාව පමණක් නොව චෙන්නායි සිට මඩකලපුවටත්, මඩකලපුවේ සිට කොළඹට එන ගුවන් සේවා ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.