නවතම පුවත්

SBගේ ආරක්ෂකයන් තරුණයන්ට වෙඩි තැබූ සිද්ධියේ ඇත්ත කතාව මෙන්න

අසංක

අසංක

දම්පත් රණසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ වාහනය හරස් කළේ යැයි කියන සිද්ධියට ඔහුගේ ආරක්ෂකයන් විසින් වෙඩි තබා දෙදෙනෙකු තුවාල ලැබීම සම්බන්ධ සිදුවීම දේශපාලනය කිසිවක් නොවන බවට අනාවරණය වෙයි.

තරුණයන් 3 දෙනෙකු හා තරුණියන් දෙදෙනෙකු වෑන් රථයකින් තම යෙහෙළියකගේ මංගල උත්සවයකට සහභාගි වී ගිනිගත්හේන බලා ඊයේ පස්වරුවේ යමින් සිට ඇත. තරුණියන් නිවසට ඇරලවා තරුණයන් යමින් සිට ඇති අතර ඔවුන් එම අවස්ථාවේ සිට ඇත්තේ මත්පැන් පානය කර වුවද රියැදුරු මත්පැන් ගෙන නැත.

මේ අතරතුර එස්බී දිසානායක මහතා රැගත් මෝටර් රථය හා ආරක්ෂකයන් රැගත් වෑන් රථයක් කොළඹ දෙසට ගමන් කරමින් සිට ඇත.

ගිනිගත්හේනේ දී මුහුණට මුහුණ හමුවූ මෙම වෑන් රථ දෙක පැති කණ්ණාඩි ගැටී ඇති අතර එහිදී දෙපාර්ශවය අතර කතාබහක් මතුව තිබේ.

ඉදිරියට ගොස් සිටි මන්ත්‍රීවරයා තම මෝටර් රථයෙන් බැස පැමිණි අවස්ථාවේදී තරුණයන් ‘අපි දන්නේ නෑනෙ සර්ගෙ කට්ටිය කියලා. බලන්නකො මෙයාලා කියන ඒවා’ යැයි පවසමින් කතා කර ඇත.

කෙසේවෙතත් දෙපාර්ශ්වය සන්සුන් කර ගැටලුව නිරාකරණය කිරීමට මන්ත්‍රීවරයා කටයුතු කිරීමෙන් පසුව යළි ගමන් අරඹා තිබේ.

ගැටලුව අවසන් වී යළි ගමන් ආරම්භ කළ ද එලෙස යන විට ආරක්ෂකයන් සිය වැන් රථයේ පැති දොර විවෘත කර තරුණයන් සිටි වෑන් රියට වෙඩි තබා තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයන් දෙදෙනකු හා ගිනි අවි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

තුවාලකරුවන් රෝහල්ගත කර ඇත.

Update: මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා මුහුණු වසා හැටන් දිසා විනිසුරුවරයාගේ නිල කාමරය වෙත කැඳවා මීට අදාළ නඩු විභාගය සිදු විය.

ඒ අනුව ඔවුන් දෙදෙනා ලබන 11 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඔවුන් ඉදිරිපත් කිරීමට නියමිතය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි