ලංකාවේ පළාත් කිහිපයක වායුව අහිතකර වෙයි – කාලගුණ දෙ.

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොළඹ නගරය හා උතුරුකරයේ ප්‍රදේශ කිහිපයකම වායුවේ ගුණාත්මක භාවයේ අඩුවීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මීට අදාළ වායු දර්ශකය අදාළ නගරවලදී අංශක 120ක අගයක් පෙන්නුම් කරන නමුත් සාමාන්‍යයයෙන් එය අංශක 40 ට අඩුවෙන් පැවතිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ඊයේ එම අගය දැක්වුණේ 148 ක් දක්වා ඉහල ගොස් තිබු අතර එය අහිතකර තත්වයක් ලෙස හඳුනාගෙන ඇත.

ඉන්දියාවේ නවදිල්ලි නුවර ආශ්‍රිතව පවතින වායු දූෂණ තත්ත්වය සුළං සමග පැමිණීමෙන් වායු ගෝලයේ ඇති දුවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම ඒ කෙරෙහි බලපා ඇති බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.