නවතම පුවත්

ලෝකයම දැඩි අවදානමක – විද්‍යාඥයෝ 11000ක් අනතුරු අඟවයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දේශගුණ විපර්යාසයන හමුවේ මේ වනවිට ලොව දැඩි අවදානමකට මුහුණ පා සිටින බව රටවල් 153 ක් නියෝජනය කරමින් විද්‍යාඥයන් 11,000 කගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව කළ විශේෂ පර්යේෂණයකින් හෙළිව ඇත.

ලොව රාජ්‍යයන් බහුතරයක් මෙම දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම් අවම කිරීමට අසමත්ව ඇති බවද මෙම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.

දේශගුණ විපර්යාසයේ දැඩි බලපෑම් හමුවේ සමස්ත ලෝක ප්‍රජාවට පීඩා විඳීමට සිදුවනු ඇතැයි ද මෙම පරීක්ෂණය අවසානයේ නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.

වසර 40 ක දත්ත යොදා ගනිමින් මෙම පරීක්ෂණයේ සිදුකර ඇති බවටද තොරතුරු වාර්තාවේ .

ගෝලීය උණුසුම ඉහළයාමේ සැබෑ තර්ජනය වටහාගැනීමට නම් පෘථිවියේ උෂ්ණත්ව වෙනස්වීම් ගණනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවද මෙම වාර්තාවේ දක්වා ඇත.
ඒ අනුව මෙම වාර්තාව සැකසීමේදී , සත්ත්ව සහ මිනිස් ගහණය, ගෝලීය වන ගහනයේ තුරන්වීම මෙන්ම පොසිල ඉන්ධන දහනය ආදී කරුණු රැසක් අධ්‍යනය කළබවද එහි සඳහන්ව ඇත.

වත්මන් , තත්ත්වයන් අඛණ්ඩව පැවතුනහොත්, පෘථිවිය මත මිනිසුන්ට ජීවත්වීමට නොහැකි ස්ථාන රැසක් අලුතින් බිහිවනු ඇතැයිද මෙම වාර්තාවේ දක්වා ඇත.

මේ හේතුවෙන් බලශක්තිය, ස්වභාව ධර්මය, ආහාර, ආර්ථිකය, ජනගහනය, දූෂක කාරක ආදී ක්ෂේත්‍ර හයක් සම්බන්ධයෙන් පාලකයන් කඩිනම් පියවර ගත යුතු බව ද පර්යේෂකයන් පෙන්වා දී ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි