නවතම පුවත්

චන්ද්‍රිකාගේ සමුළුවට ගිය ශ්‍රීලනිප සංවිධායකවරු 5ක් දොට්ට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

අපි ශ්‍රී ලංකා සමුළුවට එක්වූ ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 5 දෙනෙකු එම ධූර වලින් ඉවත්කිරීමට පක්ෂ බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව එම තනතුරු සඳහා වැඩබලන සංවිධායකවරුන් පත්කිරීමටද දැනටමත් අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවද වාර්තාවේ .

මෙහිදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ප්‍රධාන ආසන සංවිධායිකාව ලෙස කටයුතු කරනු ලබන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවට ,එම තනතුරේ වැඩ බැලීම සඳහා ගම්පහ දිස්ති‍්‍රක් නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න මහතා පත්කිරීමට පක්ෂ බලධාරීන් කටයුතු යොදමින් සිටින බව දැනගන්නට ඇත.

ඊට අමතරව අක්මීමන සංවිධායක යු ජී බී ආරියතිලක , මීගමුව සංවිධායක ලලිත් මෙන්සිල් රක්වාන සංවිධායක උපාලි ජයසේන හා කොලොන්නාව සංවිධායක ශාන්ත රත්නායක යන මහත්වරුන් වෙනුවට වැඩබලන සංවිධායකවරුන් පත්කිරීමටද කටයුතු යොදා ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි