“ලබන 16 වැනිදා ජයග්‍රහණය කරලා 17 වැනිදා රටේ ජනතාවගේ ඉඩම් ප්රශ්නය අංගසම්පූර්ණව විසඳන බවට මම පොරොන්දු වෙනවා” යැයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
පොතුවිල් ප්‍රදේශයේ පැවැති රැස්වීමේදී හෙතෙම මේ බව කියාසිටියේය.
ජාතිවාදයට අන්තවාදයට ඉඩ නොදෙන ත්‍රස්තවාදිය, දූෂණය, කප්පම්, හොරකම් කිසිවකට ඉඩ නොදෙන රටක් බිහි කරන බව ද පොතුවිල් ජනතාව වෙත හෙතෙම පොරොන්දු විය.