නවතම පුවත්

සමනල අඩවිය පූජා භූමියක් ලෙස නම් කරන්න – ධම්මදින්න හිමි ජනපතිගෙන් ඉල්ලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රීපාදස්ථානය පිහිටි සමනල අඩවිය පූජා භූමි ප්‍රදේශයක් ලෙස නම් කරන මෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.

උන්වහන්සේ මෙම ඉල්ලීම කළේ පසුගිය දා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති 2019-2020  ශ්‍රී පාදසමය සම්බන්ධයෙන් පැවති රැස්වීමට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ

“වසර 2600කට පෙර බුදුරදුන්ගේ පාදස්පර්ශ වූ ශ්‍රී පාද අඩවිය පූජා භූමියක් ලෙස රජය මගින් නිල වශයෙන් නම් කරන මෙන් දෙස් විදෙස් බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපතිතුමා ඓතිහාසික සමන් දේවාල පෙරහර ජාතික උත්සවයක් ලෙස නම්කිරීමට කටයුතු කළා. එයට සමස්ත බෞද්ධ ජනතාවගේ ගෞරව පූර්ව ස්තූතිය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මම පුදකර සිටිනවා.”

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!