නවතම පුවත්

ජනපති ආරක්ෂක අංශයේ ගින්න ගැන විමර්ශන CIDයට

අසංක

අසංක

දම්පත් රණසිංහ

ජනාධිපති ආරක්ෂක අංශයේ කාර්යාල සංකීර්ණයේ කොටසක් පිහිටි කොළඹ කොටුවේ මුත්තයියා පාරේ ජනාධිපති මන්දිරය පිහිටි මැකී ප්ලාසා ගොඩනැගිල්ලෙහි වාහන අංගනයේ ගින්න ගැන කෙරෙන පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

එම ගින්න ස්වභාවිකව ඇති වූවක්ද නැති නම් කඩාකප්පල් කිරී ක්‍රියාවක්දැයි සැකහැර දැන ගැනීම සදහා පුළුල් විමර්ශනයක් පැවැත්වීමේ අරමුණින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාරදී ඇති බව කියති.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි අංශයේ නිලධාරීන් කණ්ඩායමක්ද එහි පැමිණ පැය දෙකකට වැඩි කාලයක් අද 11 විමර්ශන පවත්වමින් ගින්නට හේතුව සොයන්නට විය. ඉදිරි දින කිහිපය තුළ ගින්නට හේතුව පැහැදිලිවම සදහන් කළ හැකි බව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාරකෙරෙන්නේ රස පරීකෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩාය කල විමර්ශනයත් සමගිනි.

මැක්ලම් ගොඩනැගිල්ලෙහි ජනාධිපති කාර්යාලයට අනුයුක්ත අංශ කිහිපයක් මෙන්ම 02, 03 සහ 04 යන මහල් වල ජනාධිපති ආරක්ෂක අංශයේ නිලදාරීන් රැදී සිටී. ජනාධිපති ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන්ගේ කාර්යාල පිහිටා ඇත්තේද එහිය.

ගින්නෙන් විනාශ වූ යතුරුපැදි 47 න් 45 ක්ම ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටින නිළධාරීන්ගේ පුද්ගලික යතුරු පැදි බවද හෙළිවී තිබේ. ජනාධිපති ආරක්ෂක අංශයේ යැයි කියා හානි වී ඇත්තේ යතුරු පැදි දෙකක් සහ ත්‍රී රෝද රථයක් පමණක් බව පොලීසිය සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්