නවතම පුවත්

ඉල් පුන් පොහොය අද

අසංක

අසංක

ඉල් පුන් පසළොස්වක පොහොය දිනය අදයි. ලෝකවාසී බෞද්ධ ජනයාගේ සිත් සතන් සුපහන් කරවන ශාසනික වශයෙන් අනුස්මරණීය වූ සිදුවීම් කිහිපයක් ම ඉල් පුන් පොහොය දිනයේදී සිදුවිය.

ඉල් පුන් පොහොය උදාවත්ම වස්සාන ඍතුව අවසන් වේ. මීට වසර 2603 කට පෙර උදා වූ ඉල් පුන් පොහෝ දිනයේ දී අප ශාස්තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ධර්ම ප්‍රචාරය සඳහා ප්‍රථම රහතන් වහන්සේලා හැටනම දඹදිව් තලය සිසාරා පිටත් කොට වදාළේ ය.

එකම ස්ථානයක දී දහසක් භික්ෂූන් අරහත්වයට පත් කරවූ තුන්බෑ ජටිල පිරිස දමනය කිරීම පිණිස අනුත්තර පුරිසදම්ම සාරථී වූ භාග්‍යවතුන් වහන්සේ ගේ ගමන් ඇරඹීම සිදු වුණෙත් ඉල් මස පෝය දිනයේදීමය.

පසුවස් සමාදන් වූ භික්ෂූන්ගේ පවාරණ දිනයත් මෙම ඉල් පොහොයට යෙදීම සිරිතයි. කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසන් දිනය හෙවත් චීවර මාසයේ අවසාන දිනයත් ඉල් පොහොය දිනයයි.

මතු බුදු බව ලබන මෛත්‍රීය මහ බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබූ දිනය ලෙස සඳහන් වන්නේත් ඉල් පුර පසළොස්වක් පොහෝ දිනය ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්