දම්පත් රණසිංහ
ප්රජාතන්ත්රවාදී කම්කරු පක්ෂයේ සහය ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල වූ බවත්, උතුරේ මෙන්ම සමස්ත රටේම ආරක්ෂාව අද බිඳවැටී ඇත්තේ යහපාලන රජයේ අදූරදර්ශි පාලනය හේතුවෙන් බව එම පක්ෂය පෙන්වා දෙයි.
උතුරු පළාත ඇතුළු අනිකුත් පළාත්වල සිය පක්ෂයේ සාමාජිකයන් විසිදහසකට අධික පිරිසක් සිටින බව ද ඔවුන් සියලු දෙනා තම සහය ගෝඨාභය මහතාට ලබාදීමට කැමැත්ත පළකර ඇතැයි ද වාර්තා වේ.