ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණයට අදාල කිසිඳු අපේක්ෂකයෙකු පිළිබඳ අද (13) මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව ප්‍රවර්ධන කටයුතු කිරිම තහනම් ය.
අද මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ ද අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතු සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලීමක් කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන කටයුතු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සෘජු හැකියාවක් නොමැති නමුත් ලිඛිත ඉල්ලීමක් ලදහොත් ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව මැතිවරණ කොමිසම පවසයි.