නවතම පුවත්

MCC පෙත්සම් 31 වැනිදා සළකා බැලේ

අසංක

අසංක

MCC ගිවිසුමට අදාළව එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා  ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් සලකා බැලීම ලබන ජනවාරි මස 31 වනදා සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ඒ මෙම පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

වගඋත්තරකාර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත මෙම නඩුවට අදාළ පෙත්සම් පමණක් ලැබී තිබෙන බවත් ඊට අදාළ ඇමුණුම් ලැබී නොමැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ ය.

 ඒ අනුව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි ඇය ඉල්ලා සිටියේය.

එහිදී පෙත්සම් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ පැවසුවේ මෙය හදිසි කටයුත්තක් සේ සලකා විභාගයට ගත යුතු පෙත්සමක් බවයි.

රජය විසින් අත්සන් කිරීමට යෝජිත ගිවිසුම් මගින් මෙරට ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන අතිශය සංවේදී ගිවිසුම් බව ද ඔවුන් එහිදී පෙන්වා දුන්නේය.

එම ගිවිසුම් අත්සන් කරනු ලැබූවොත් අමෙරිකානු හමුදාවලට නිල  ඇඳුම් සහ ආයුධ සන්නද්ධව ශ්‍රී ලංකාව තුළට පැමිණ නිදහසේ ගමන් කිරීමට හැකියාව ලැබෙන බව ද ඔවුන් සඳහන් කර තිබුණි.

එලෙස පැමිණෙන ඇමරිකානු හමුදාවන් මෙරට හෝ ජාත්‍යන්තර කිසිදු නීතියකට යටත් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙරට ඉඩම් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ බලය ඇමරිකාවට හිමිවන බවද ඔහු පෙන්වා දුන්නේය.

පංච පුද්ගල විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට දැනුම් දුන්නේ මෙම ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව රජයේ ස්ථාවරය ලබන 13 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙසයි.

පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 31 වනදා සිදු කරන බවත් වගඋත්තරකරුවන්ට අවශ්‍ය කරනු ලබන ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුමඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වය නීතිඥවරයාට දැනුම් දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ සහ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් යන පාර්ශව විසින් පෙත්සම් ගොනු කර තිබූණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා