බිරිඳගේ පොලු පහරින් සැමියා මරුට

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

වාලච්චේන, කන්නගිපුරම් ප්‍රදේශයේ සැමියා විසින් පුතාට පිහියෙන් ඇනීමට යාමේදී බිරිඳ පොල්ලකින් සැමියාට පහරදීමෙන් ඔහු මියගොස් තිබේ.

පියා විසින් පුත්‍රයාට තියුණු ආයුධයකින් පරදීමෙන් තුවාල ලබා 16 හැවිරිදි පුතා රෝහල්ගත කර ඇත.

මියගොස් ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර තුවාල ලැබූ ඔහුගේ 16 හැවිරිදි පුත්‍රයා ද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය. 

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ සැමියා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. 

සැකකාර බිරිඳ  චාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.