දම්පත් රණසිංහ
උතුරු පළාතේ මැතිවරණ කටයුතු සදහා රාජකාරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පත්කර තිබේ.
ඒ උතුරු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා එහි කටයුතු භාරව සේවයේ යෙදී සිටියදී ය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා කිසිදු අසනීප තත්වයක් නොමැතිව සිටියදී ඔහු අසනීප නිවාඩු වාර්තාකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරමින් මෙම පත්කිරීම කර ඇත.
එම පොලිස් නිවේදනය අද (15) නිකුත් කරන මොහොත වන විට උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා සිට ඇත්තේ යාපනය දිසාපතිවරයා සහ යාපනයේ පොලිස් ප්‍රධානීන් සමග මැතිවරණයට අදාලව සාකච්ඡාවක නිරත වෙමිනි.