ජපාන අග්රාමාත්යවරයාගේ විශේෂ උපදේශක හා එරට පාර්ලිමේන්තු මන්ත්රී කෙන්ටාරෝ සොනොවුරා මහතා අද (15 ) දින විශේෂ නිළ සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය.
ඒ මහතා අද (15) ජනපති මෛත්රීපාල සිරිසේන මහතා , අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු මෙරට රජයේ ප්රධානීන් සමග විශේෂ සාකච්ජා වට කිහිපයක් පැවැත්වීමටද නියමිතය.
එසේම ජපාන රජයේ ආධාර යටතේ කොළඹ වරායේ ක්රියාත්මක වූ , විශේෂ වෙරලාරක්ෂණ පුහුණු වැඩසටහනක සමාප්ති උළෙලටද අද (15) දින සොනොවුරා මහතා සහභාගිවීමට නියමිතය.
එසේම ශ්රී ලංකා නාවික හමුදාව හා ජපාන නාවික හමුදාව අතර පැවැත්වෙන සාකච්ජා වටයකටද සොනොවුර මහතා එක්වීමට නියමිතය .
ඒ මහතා හෙට (16) පස්වරුවේ මෙරටින් පිටවත්ව යාමට නියමිතය
පැතුම් වික්රමරත්න