ඉන්දියාවේ විශාලතම මිරිදිය විලේ අභිරහස් ලෙස කුරුල්ලෝ දහස් ගණන් මියෙති

Picture of අසංක

අසංක

ඉන්දියාවේ විශාලතම මිරිදිය විල වන සාම්භාර් ලුණු විලෙයි අභිරහස් ලෙස කුරුල්ලන් 2400කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබේ.

එරට වාර්තා පෙන්වාදෙන්නේ සංක්‍රමණික කුරුල්ලන් වර්ග 20කට වඩා වාර්ශිකව එම ස්ථානයට පැමිණෙන බවයි.

කුරුල්ලන්ගේ මරණයට හේතුව තවමත් සොයාගැනීමට නොහැකි වී ඇත.

විලෙහි ජලයේ හදිසියේම ඉහළ ගිය ලවණ සංයුතියක බලපෑමක් වී ඇත්දැයි සැක පළ කෙරේ.

මෙම විල ආශ්‍රිතව ලුණු නිෂ්පාදනය සිදුවෙයි.