ඡන්ද මධ්‍යස්ථාන තුළ ඡායාරූප ගැනීම,වීඩියෝගත කිරීම සහ විකාශය කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
තවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඡන්ද මධ්‍යස්ථාන තුළට ජංගම දුරකතන රැගෙන යෑමෙන් වළකින ලෙසයි.
තව ද නිල නොවන ප්‍රතිඵල ලබා දීමෙන් වළකින ලෙසත් නිල නොවන ප්‍රතිඵල පමණක් නොව ප්‍රතිඵල ලේඛන ඡායාරූප ගත කර විකාශය කිරීම වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියි.