ගංවතුර නිසා දිස්ත්‍රික් 3ක ප්‍රතිඵල ප්‍රමාදයි

Picture of අසංක

අසංක

රත්නපුර, කෑගල්ල, බදුල්ල දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිඵල තරමක් ප්‍රමාද වීමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද සවස ඇතිවූ වර්ෂාව නිසා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබීම නිසා ජන්ද මධ්‍යස්ථානවල ජන්ද පෙට්ටි ගෙන ඒමේ බාධාවක් ඇති වී තිබේ.

ඇතැම් ජන්ද මධ්‍යස්ථානවල ජන්ද ගණනය කිරීම ආරම්භ වුයේ රාත්‍රී 10.00 පසුව බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියි.

ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ප්‍රතිපල නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

අද පස්වරුවේ අපේක්ෂා කරන ලද්දේ රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵල පළමුව මෙන්ම අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කළ හැකිවනු ඇති බව ය.