තත්ත්වය සාමකාමියි – තවදුරටත් දැඩි පොලිස් ආරක්ෂාවක්

Picture of අසංක

අසංක

ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ සමය සාමකාමී තත්ත්වයක පැවැතියද තවදුරටත් දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

මේ වනවිට කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියාසිටියි.

ජංගම පොලිස් සේවා, කැරළි මර්දන කණ්ඩායම් ද සූදානමින් සිටින බව ද හෙතෙම පෙන්වා දෙයි.