අද පස්වරු 3-4 පමණ වනවිට ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රථිඵල අපේක්ෂකයන් කැඳවා ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මේ වනවිට මැතිවරණ පරිගණක පද්ධතිය වෙත එක්කෝටි නවලක්ෂයක පමණ ඡන්ද ප්‍රතිඵල ඇතුළත් කර තිබෙන බව හෙතෙම කියාසිටියි.
නමුත් එක් එක් ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රථිඵල වාර්තා වෙන වෙනම ලැබිය යුතු බැවින් තවත් පැය 6ක් පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය බව ඔහු පැවැසීය.
අද පස්වරු 3ට පමණ අවසන් ප්‍රථිඵල දීම නිශ්චිත නොමැති බවද ඔහු කියාසිටියේය.
බදුල්ල, කෑගල්ල හා රත්නපුර ප්‍රදේශවලට ඇදවැටුණු අධික වැසි හා ඡන්ද පත්‍රිකාව දිගු වීම ප්‍රතිඵල ප්‍රමාදයට හේතු වී ඇත.