නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් ජනපති සටනට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකමින් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපතිවරණයේ පරාජය බාරගනිමින් මෙම තීරණය ගත් බව පවසමින් හෙතෙම ප්‍රතිවාදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට සුබ පතමින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
තමා ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට කැපවූ සැමට ස්තූතිය පළ කිරීමට ද සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.