ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර පත් කර තිබේ.
ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු විසින් මෙම පත්කිරීම සිදුකළේය.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී යි.
පී.බී.ජයසුන්දර මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේදී මුදල් අමාත්‍යාංශ, මහභාණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කළ ආර්ථික විද්‍යාඥයෙකි.