‘සජිත්ට නොදුන්නොත් මම යනවා’- අශෝක්

Picture of අසංක

අසංක

සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබානොදුනහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය මෙන්ම විපක්ෂ නායකත්වය ද වෙනසක් සිදුවිය යුතු කාලය එළඹ ඇති බව හෙතෙම පෙන්වා දෙයි. 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අශෝක අබේසිංහ මන්ත්‍රිවරයා මෙම අදහස් දැක්වීය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා සහ මනූෂ නානායක්කාර මහතාද එජාපයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය යුතු බව ස්ථාන කිහිපයකදී අවධාරණය කර ඇත.