බ්‍රිතාන්‍යයේ පක්ෂ මැතිවරණ ප්‍රකාශනයකට ලංකාව ගැනත් ඇතුල් කරලා

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මෙවර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්භන්ධවද කරුණු කිහිපයක් ඇතුලත් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව පසුගිය සති අන්තයේ නිකුත් කරන ලද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා තම පක්ෂය කටයුතු කරන බව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සඳහන් කර ඇත.

දෙසැම්බර් 12 වනදා පැවැත්වීමට නියමිත බ්‍රිතාන්‍යය මැතිවරණය ඉලක්ක කර කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් විසින් නිකුත් කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මානව හිමිකම් අංශයේ මෙම කරුණු අන්තර්ගත කර ඇත.