පැතුම් වික්‍රමරත්න
ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වය ලබන 27 වනදා සිට රට තුල මුළුමනින්ම ස්ථාපිත වනු ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
මේ හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල, බදුල්ල, සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 – 150 ත් අතර වැසි ඇතිවිය හැකි බවද මුලතිව්, වවුනියාව, අනුරාධපුර, රත්නපුරය, කෑගල්ල, කළුතර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්කවලට මිලිමිටර් 100 ක පමණ තද වැසි හැකි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.