ෆවුසි ශ්‍රීලනිපයෙන් දොට්ට – හේතුව මෛත්‍රී ගේන්නැයි දොස්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ක‍්‍රියා කළහොත් එයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යොමු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා අවධාරණය කර සිටී .

තමන් මන්ත‍්‍රීධුරයෙන් ඉවත් කරන බවට දැනුම් දෙමින් පක්ෂයෙන් ලිපියක් තමන් වෙත ලැබී ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය.

තමන් ඉවත් කර , ඉන් පුරප්පාඩු වන මන්ත‍්‍රීධුරය හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමේ අරමුණින් පක්ෂය මෙම පියවර ගෙන ඇති බවක් පැහැදිලිවම පෙනෙන්නට ඇති බවද ෆවුසි මහතා මෙහිදී පැවසීය.

මෙම ක්‍රියාව පක්ෂයේ නීති රීති උල්ලංඝනයක් බවද ෆවුසි මහතා මෙහිදී පැවසීය