දම්පත් රණසිංහ
පරිසරය සුරක්ෂිත කිරීම සඳහා පොලිස් පාරිසරික දිසාව සහ පාරිසරික කොට්ඨාසය බලාත්මක කරමින් පොලීසිය අද නිදහස් චතුරශ්‍රය, ගාලු මුවදොර ආදි ස්ථාන කිහිපයක සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙය යළි ක්‍රියාවට නැංවේ.
මෙහිදී පාරිසරික දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුත්, පාරිසරික කොට්ඨාසය භාර නව අධ්‍යක්ෂකවරයෙකුත් පත් කිරීමට කටයුතු කර ඇති අතර රිය අනතුරු අවම කර ගැනීම සඳහා ත්‍රිරෝද රථ රියැදුරන්, යතුරුපැදිකරුවන්, පාපැදිකරුවන් සහ පදිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද අද සිට ආරම්භ කර ඇත.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/DSC_0011-Copy.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/DSC_0005-Copy-Copy-Copy-Copy.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/DSC_0072.jpg)