නවතම පුවත්

CID යට සම්බන්ධ තවත් නිළධාරීන් දෙදෙනෙකු රටින් පලා යාමේ උත්සහයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යහපාලන ආණ්ඩුවේ  අවශ්‍යතා ඉටුකරමින් නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ තවත් නිලධාරීන් දෙදෙනෙකු රටින් පැන යාමට සැලසුම් කර තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යාපාරය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බවත්, මෙම දෙදෙනා පවුල් පිටින් රටින් පැන යාමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

පසුගිය ආණ්ඩුවට උවමනා ආකාරයට නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරියෙකු මේ වන විට රටින් පැනගොස් තිබෙන බවද, ඒ සඳහා පසුගිය ආණ්ඩුව සහය ලබාදී තිබෙන බවද ඔහු කියා සිටියේය. අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් අද (25දා) ඔහු මේ බව සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා