නවතම පුවත්

තරගයේ වීරයා කුසල් ජනිත් කියපු කතාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නොදැවී ලකුණු 153ක් ලබා ගත් කුසල් ජනිත් පෙරේරා දකුණු අප්රිීකාවේ ඩර්බන් නුවර පැවැති පළමු ටෙස්ට් තරගයේ ජය ශ්රිර ලංකා පිළ සන්තකයට ගෙනාවේය. ලකුණු 304 ඉලක්කයක් හඹා ගිය ශ්රි ලංකා කණ්ඩායම ලකුණු 226කට කඩුලු 9ක් දැවී පරාජය පෙනෙන මානයට පැමිණ සිටියේය. ඈත්වෙමින් තිබු ශ්රින ලංකා පිළේ බලාපෙරොත්තු නැවත පිටියට ගෙනා කුසල් ජනිත් පෙරේරා තම ඉනිම 6 පහරවල් 5ක් සහ 4 පහරවල් 12කින් වර්ණවත් කරමින් දකුණු අප්රි කානු බලාපොරොත්තු සුනු විසුණු කළේය. අවසන් කඩුල්ල වෙනුවෙන් විශ්ව ප්රුනාන්දු සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් කුසල් ජනිත්ට අගනා සහයක් ලබාදුන්නේය.

විශ්ව ප්රනනාන්දු නොදැවී ලබාගත් ලකුණු සංඛ්යා්ව හයකි. ඔවුන් දෙදෙනා එක්ව අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවයක් ගොඩනැගීම විශේෂත්වයකි. මෙය විශේෂිත වු තරගයක්. ඉතා අපහසු ඕස්ට්රේබලියා සංචාරයේදී අප බොහෝ දේ ඉගෙන ගත්තා. පසුගිය කාලයේ අප තරග රැසක් පරාජය ලබා සිටියේ. කණ්ඩායමක් විධියටත්, රටක් විධියටත්, නායකයෙකු විධියටත් මට මෙය ආඩම්බර අවස්ථාවක්. දකුණු අප්රිකකාව වගේ රටකට එරෙහිව ලකුණු සියයක් ලබා ගැනීම සුළුපටු කාරණයක් නෙමෙයි. කුසල් ජනිත් එය ඉටු කළා. ඒ වගේම ටෙස්ට් වරම් ලැබු නවකයන් දෙදෙනාම අපේ කණ්ඩායමේ ජයග්රයහණයට ශක්තියක්වීම සතුටට කරුණක් යැයි ශ්රිඩ ලංකා පිළේ නායක දිමුත් කරුණාරත්න පැවැසීය. තරගයේ වීරයා සම්මානය කුසල් ජනිත් පෙරේරාට හිමිවිය. අපේ ජයග්ර හණය වෙනුවෙන් මම මගේ කොටස ඉටු කළායැයි කුසල් ජනිත් පෙරේරා තරගයේ වීරයා සම්මානය ලබා ගනිමින් පැවැසීය. දකුණු අප්‍රිකාව 235 සහ 259 ශ්‍රීලංකාව 191 සහ 304/9

රමේෂ් වරල්ලෙගම

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්