ඓතිහාසික රුවන්වැලි මහා සෑ රදුන්ට රන්පාදම සහිත නව චූඩා මාණික්‍යය පැළඳවීම අද පස්වරුවේ සුබ මොහොතින් සිදු කර තිබේ.
චූඩා මාණික්‍යය පැළඳ වූ කොත හෙට උදෑසන 10 ට මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කෙරෙනු ඇත.
එහි පළිගු කොටස සඳහා භාවිත කර තිබෙන්නේ දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක්‍රිස්ට්ල් නම් පාෂාණයයි.
ස්වභාවික නිල් මැණික් , රතු මැණික් ඇතුළු මැණික් ගල් 5320 ක් යොදාගෙන නිමැවුණු මේ සඳහා පිරිසිදු රත්රන් කිලෝග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් භාවිත කර තිබේ.
එලෙස නිර්මාණය වූ රුවන් වැලිමහ සෑ රදුන්ගේ නව චූඩා මාණික්‍යය පැළඳවීමට පෙර ජනතාවට දැක බලා ගැනීම සඳහා කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකදී ඉඩසලසා තිබුණි.
අද දහවල් 12 දක්වා එය රුවන්වැලි සෑ පුදබිමේදී ප්‍රදර්ශනය කෙරුණි.
ක්‍රිස්තු පූර්ව 140 දී පමණ දුටුගැමුණු රජතුමන් විසින් ඉදිකරවන ලද රුවන්වැලි මහා සෑයේ අවසන්වරට ප්‍රතිසංස්කරනය කොට චූඩාමාණික්‍යය පැළඳවීම සිදුවූයේ 1939 වසරේදීයි.

ජයාරූපයේ වම්පස සිට විශ්ව පාරමී පදනමේ නිර්මාතෘ ප්‍රභාත් නානායක්කාර මහතා, තායිලන්ත වාසී ලුඅං පෝ අනන් (Luang Por Anan) ස්වාමින් වහන්සේ, අටමස්ථානාධිපති අති පූජනීය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ, ස්වර්ණමාලි චෛත්‍යරාමාධිකාරී අති පූජනීය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ



